රත්මලානේ ගෙදරකින් තරුණියන් තිදෙනෙක් අත්අඩංගුවට

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වැටලීමට ඊයේ (05) ගල්කිස්ස පොලිසියට හැකිවී තිබෙනවා.

ගල්කිස්ස අධිකරණයෙන් ලැබුණු සෝදිසි වරෙන්තුවක් මතයි මෙම වැටලීම සිදු කෙරුනේ.

මෙහිදී එහි කළමනාකරු ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවන්ගේ වයස අවුරුදු 21,26,31 වන බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද ගල්කිස්ස අධිකරණ වෙත යොමු කිරීමට නියමිතයි.
Previous Post Next Post