රට වෙනුවෙන් යහපත් දේ කරනවානම් විරුද්ධ වෙන්නේ නෑ

වත්මන් රජය රට වෙනුවෙන් යහපත් දේ සිදුකරන්නේ නම් ඊට විරුද්ධ වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇතැම් අවස්ථාවල වත්මන් ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ග නිසා ආණ්ඩුව විවේචනය කිරීමට සිදුවන බවය.
මහනුවර ගැටඹේ රජෝපවනාරාම විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
Previous Post Next Post