ජනපති වැදගත් තීන්දු තීරණ රැසක් ගනී

යුද හමුදාවේ සහය ලබා ගෙන මීතොටමුල්ල කසළ කන්ද මාස 09ක් ඇතුළත ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.

ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමින්.

මීතොටමුල්ල ඛේදවාචකයට මූලික හේතුව ආයතන අතර තිබූ කඹ ඇදිල්ල බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.
එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන සතියේදී විශ්‍රාමික විනිසුරුවරයෙකු පත් කර විශේෂ වාර්තාවක් ලබා ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

එමෙන්ම ඉදිරි සති දෙක ඇතුළත රජයේ සේවයට නව මුහුණුවරක් ලබා දෙමින් රාජ්‍ය ආයතනයන්හි  තනතුරුවල වෙනසක් සිදු කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානින් හමුවේ කියා සිටියා.

එම වෙනස්කම් වෙසක් පොහොයට පෙර සිදුවනු ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ. වැරදි සිදු කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවද  ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

විදේශ වත්කම් සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලූ මේ වන විට විසදී ඇති බවත් අමෙරිකානු ඩොලර් බිලියන 05ක වත්කම් ශ්‍රී ලංකාව සතුව පවතින බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Previous Post Next Post