දුම්රියක් පීළි පැන ගොඩනැගිල්ලකටත් හානි කරයි (PHOTOS)

ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක් පීල පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට වව්නියාව ප‍්‍රදේශයෙන් බාධා එල්ල වී තිබෙනවා.

මෙම දුම්රිය පීළි පැනීමට ලක් වීමෙන් පසු වව්නියාව දුම්රිය ස්ථානයේ ගබඩා සංකීර්ණයේ ගොඩනැගිල්ලකට හානි කරමින් ගමන් කර ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට යාපනය සහ කන්කසන්තුරේ බලා ධාවනය වන දුම්රියන් ප‍්‍රමාද වනු ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
අද (10) උදෑසන කොළඹ කොටුවෙන් කන්කසන්තුරේ දක්වා ගමන් ආරම්භ කළ නගරාන්තර ශීඝ‍්‍රගාමී දුම්රිය මැදවච්චිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරුණා.

පීලිපැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි දුම්රිය ගමනාගමනා අධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.
Previous Post Next Post