මාධ්‍ය නිදහස පිලිබඳ ඇති රටවල් අතුරින් ලංකාව 141 වන තැනට

මාධ්‍ය නිදහස පිළිබඳව ප්‍රකාශයට පත් කරන නවතම දර්ශකයේ 141 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

දේශසීමා රහිත මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් එම දර්ශකය ප්‍රකාශයට පත්  කර ඇති අතර, පසුගිය වසරේදී ද ශ්‍රී ලංකාවට එහි හිමි වූයේ 141 වන ස්ථානයයි.

මෙරට මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය ප්‍රමානවත් නොවන බවයි අදාළ දර්ශකය නිකුත් කරමින් දේශසීමා රහිත මාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වාදෙන්නේ.
එම දර්ශකයේ පළමු ස්ථානය නොර්වේ රාජ්‍යයටත්, දෙවන ස්ථානය ස්විඩනයටත්,  තුන් වන ස්ථානය ෆින්ලන්තයටත් හිමිව තිබෙනවා.

චීනය, සිරියාව සහ උතුරු කොරියාව යන රටවල් එහි අවසන් ස්ථානවල රැඳීසිටින බව සඳහන්.
Previous Post Next Post