ව්‍යවස්ථාව ගැන පක්ෂ මතය 23ට පෙර

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල  නියෝජිතයන්ගෙන් සමන්විත වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා ඇසුරෙන් සකස් කරන ලද අතුරු වාර්තාවේ කෙටුම්පත් මෙහෙයුම් කමිටුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන්ට මැයි 04 වන දින ලබාදී ඇතැයි වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මැයි මස 23 වන දාට පෙර එම පක්ෂවල නිරීක්ෂණ ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබේ.

ඉන්පසු එම නිරීක්ෂණ ද සමඟ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ මෙහෙයුම් කමිටුව මැයි 23,24,25 හා 26 යන දිනවල දී රැස්වීමට නියමිතය.
දේශපාලන පක්ෂවල නිරීක්ෂණවලින් හා එම සාකච්ඡා වලින් පසු සකස් කරනු ලබන මෙහෙයුම් කමිටුවේ අවසන් වාර්තාව ඉන්පසු පාර්ලිමේන්තුවට යොමු කර පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් වශයෙන් රැස්වී, සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.

දේශපාලන පක්ෂවලට යොමු කර ඇති අතුරු වාර්තාවේ කෙටුම්පත මෙහෙයුම් සාකච්ඡා ඇසුරෙන් සකස් කර ඇත්තේ ඒ සඳහා පත්කර ඇති ලේකම් මණ්ඩලය විසිනි.

(රාවය)


Previous Post Next Post