වෙසක් පොහොය එළැඹෙන විට ඇමැති මණ්ඩල සංශෝධනයක් වනු ඇති බවට පසුගිය අප්‍රියෙල් මස 20 වෙනිදා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට හා ප්‍රවෘත්ති කර්තෘවරුන්ට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන බොහෝ දෙනා දැඩි අපේක්‍ෂාවෙන් සිටියත් වෙසක් පෝදා පළාත් සභාවක ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු විය.
ඒ උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබ සාධන පරිවාස, හා පළාත් සභා කටයුතු අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා ඉවත් කොට එම අමාත්‍ය ධුරයට සන්ධාන මන්ත්‍රි එම්.හේරත් බණ්ඩා මහතා පත්කිරීමයි.
මේ පත්වීම කර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුවය.
අමාත්‍ය ධුරය අහිමි වූ නන්දසේන මහතා සෘජුවම ඒකාබද්ධ විපක්‍ෂයට සහාය පළ කළ අයෙකි.
ඔහු ඇමැතිධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පළාත් සභාවේ ප්‍රවාහන ඇමැති එස්.එම්. රංජිත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
පසුගිය වසරේ අග සිටම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට රජයේ නොයෙකුත් පාර්ශවයන් ගෙන් මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද අවස්ථාවන් ගනනාවදිකම සඳහන් කිරීම සම්බන්ධයෙන්, මාධ්‍ය ප්‍රධානින් වෙනුවෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දි පැවති හමුවේදී මාධ්‍ය ප්‍රධානින් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කලහ.
එයට පිලිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේ එන වෙසක් පෝයට පෙර එය සිදු වන බව බලා ගත හැකි බවයි
ජනපති කිව් පරිදිම ඇමති සංශෝධනයක් කරයි ?
2017-05-11T13:16:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|