ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, වත්මන් තනතුරින් ඉවත්කොට නව තනතුරක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවනවා. ඒ ජර්මනියේ නව තානාපතිවරයා ලෙසටය. වසර තුනක කාලයක් සඳහා ඔහු මෙම තනතුරට පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී. බී අබේකෝන් විසින් ඊට අදාල දැනුම්දීම කර තිබෙනවා.
වෘත්තියෙන් ඉන්ජිනේරුවකු වන ඔහු පසුගිය ආණ්ඩුව සමයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු පත්කෙරෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවය.
ආරක්ෂක ලේකම්ට රට රස්සාවක්
2017-05-09T15:30:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|