නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යංශය තරුණ තරුණියන්ට අයථා ලෙස රැකියා ලබාදී ඇති බවට සමාජවාදී තරුණ සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ල විභාග කිරීම මේවන විට ආරම්භකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර හා නීතීඥ තුෂාර රණතුංග යන දෙදෙනාගෙන් පැය භාගයක පමණ කාලයක් ඊයේ (15) අල්ලස් කොමිසම සාක්ෂි සටහන්කරගෙන ඇති බව පැවසේ.
උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු යැයි කියමින් සජිත් මහතා පෙනී සිටින වීඩියෝවක් අන්තර් ජාලය තුළ ප්‍රචාරයවීමත් සමඟ ඔහුට එරෙහිව අදාළ පැමිණිල්ල ගොනුකර තිබිණි.
සජිත්ට අල්ලස් පරීක්ෂණයක්
2017-05-16T12:10:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|