බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරියක් වෙසෙන දිවුලපිටිය ප්‍රදේශයේ නිවෙසක ගෙවත්තේ ඉවතලන අයිස් ක්‍රීම් කප් එකක මදුරුවන් බෝකළේ යෑයි දිවුලපිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා විසින් මිනුවන්ගොඩ අධිකරණයේ පවරා තිබූ නඩුවක් හමුවේ පෙනී සිටි පුද්ගලයකුට රුපියල් 3000 ක දඩයක් මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්‌ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා පසුගියදා නියම කළේය.
අංක 152, කොළඹ පාර, දිවුලපිටිය යන ලිපිනයේ මදුරුවන් බෝවනසේ නිවස අවට පරිශ්‍රය පවත්වා ගෙන යැම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අයි. පී. ගයාන් සිරිවර්ධන නමැති අයට මෙසේ දඩ නියම විය. ඒ. ඩී. ආර්. කුමාරලාල් සහ කේ. පී. රෝහණ යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු අධිකරණයේ දී පැමිණිල්ල මෙහෙයවයි.
Comments by IntenseDebate
Posting anonymously.
මන්ත්‍රීවරියගේ ගෙවත්තේ මදුරුවන් බෝ කරලා
2017-05-12T08:56:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|