වායු සමීකරණ භාවිතයට ළගදීම අලූත් නීතියක්

වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතයට අදාළව නව චක‍්‍රලේඛයක් ගෙන එන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය පවසනවා.

විදුලිය ඉතිරි කිරීමේ උපක‍්‍රමයක් ලෙස මෙම නව රෙගුලාසි ගෙන එන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

විදුලිය ඉතිරි කරන්නන් සදහා විශේෂ වරප‍්‍රසාද ලබාදීමට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පවසනවා.
විදුලිය ඉතිරි කරන කර්මාන්ත ශාලා සදහා විශේෂ සහන ලබාදීමට පියවර ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

සූර්යය බලශක්තිය ලබාදීමට අදාළ නව චක‍්‍රලේඛයක්ද ඉදිරියේදී ගෙනඑන බවයි අමාත්‍යවරයා මෙහිදි සදහන් කළේ.

සූර්ය බලශක්තිය ලබාගැනීම සදහා අවශ්‍ය වන්නේ වර්ග අඩි 40 ට වැඩි වහලයක් සහිත නිවසක් පමණක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
Previous Post Next Post