ප්‍රමිතගේ තැන තිළිණ ගනී

ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් කී‍්‍රඩා, කර්මාන්ත, තරුණ කටයුතු, කාන්තා කටයුතු හා ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ධුරයට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබෙනවා.

ඊයේ (02) පස්වරුවේ  ජනාධිපතිවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය එ්කකය පැවසුවේ.
ප‍්‍රමිත බණ්ඩාරගේ ඥාති සොහොයුරෙකුද වන තිළිණ බණ්ඩාර, හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ වැඩිමහල් සහෝදරයාගේ පුත‍්‍රයාද වනවා.

ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ප‍්‍රමිත බණ්ඩාර ඉකුත්දා මධ්‍යම පළාත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුණා.
Previous Post Next Post