උඩුවේ හිමිට තර්ජනය කර වැඩ වරද්දා ගනී

අධිකරණ භූමිය තුළදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට තර්ජනය කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 5 වනදා සැකකරු විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට අධිකරණ භූමිය තුලදී තර්ජනය කළ බව වාර්තාවේ.

පසුව අද (03 දා) ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණි අවස්ථාවේ අදාළ සැකකරු අධිකරණ භූමියේ සිටින බව දුටු උන්වහන්සේ ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව  කෙසෙල්වත්ත පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
Previous Post Next Post