කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිඟමනේ යෙදෙන යාචකයන් අම්බලන්ගොඩ රිදියගම ප්‍රදේශයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේ ලබන ජුනි මාසයේදී පළමු අදියර යටතේ කොළඹ නගරය තුළ සිටින යාචකයන් එම මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට කටයුතු කරන බවත් දෙවැනි අදියර යටතේ බස්නාහිර පළාත පුරා සිටින සියලුම යාචකයන්ද මෙම මධ්‍යස්ථානයේ රැඳවීමට පියවර ගන්නා බවත්ය.
මෙම යාචකයන් නිසා පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා මගීන්ට මෙන්ම මහමඟ ගමන් ගන්නා මගීන්ටද සිදුවන හිරිහැර සලකා බලා මෙම පියවර ගත් බව පැවැසූ එකී ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ මෙම වැඩපිළිවෙළේ පළමු අදියරේ ඉදිකිරීම් සිදු කිරීම සඳහා රුපියල් මිලියන සියයක් වැය කර ඇති බවය
යාචකයන් රිදියගම රැඳවුම් මධ්‍යස්ථානයකට
2017-05-02T15:54:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|