දුෂණ මර්ධන කාර්යාල වහයි !

මහින්ද රාජපක්ෂ පාලන යුගයේ සිදු වූ බරපතළ මූල්‍ය වංචා අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු කිරීම සඳහා යහපාලන ආණ්ඩුවෙන් පිහිටුවන ලද දුෂණ මර්දන කමිටු කාර්යාලය වසා දැමීමට යහපාලන ආණ්ඩුවේම පිරිසක් ක්‍රියාත්මක වන බව තතු දත් පිරිස් පවසති.

මෙහි මූලික පියවරක් ලෙස දැනටත් දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය හරහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට විමර්ශනයට යොමු කළ පැමිණිලිවලින් කොටසක් රහස් පොලීසිය හා වෙනත් විශේෂ විමර්ශන අංශ වෙත යොමු කිරීමේ ක්‍රියාවලියක් පවතින බව ද කියවේ.
මෙම පැමිණිලි සියල්ලක්ම පාහේ මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි වන හෙයින් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නිලධාරීන් සිටින මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර වෙනත් අංශවල භාරදීම ප්‍රශ්නගත බවත් කියවෙයි.

කෙලෙසක හෝ දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමුණහොත් ඒ වෙනුවෙන් පිහිටුවන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසයද අකර්මන්‍ය වීම ඉබේම සිදුවෙන බවත් මේ පිලිබඳ උනන්දුවක් දක්වන පිරිසක් කියති.

රාජපක්ෂවරුන්ගේ හිසේ මල් පිපීමක් :

මේ වන විටත් විශාල මූල්‍ය අපරාධ සංඛ්‍යාවක් පිළිබඳ මෙම ලේකම් කාර්යාලයට ලැබුණ පැමිණිලි විමසා බලා මූල්‍ය අපරාධ කොට්ඨාසයට හා අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසමට දුෂණ කමිටු ලේකම් කාර්යාලය විසින් යොමු කර ඇති අතර ඒවායින් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පැමිණිලි හැත්තෑ දෙකක් පිලිබඳ විමර්ශනය කර නීතිපතිවරයාට ලබාදී ඇත.

තමන්ට සහ තම හිතවතුන්ට හිසරදයක් වූ දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීම රාජපක්ෂවරුන්ගේ දැඩි වුවමනාවක්ව පවතිද්දී යහපාලන රජය වෙතින්ම මෙම කාර්යාලය වසා දැමීමට යාම රාජපක්ෂවරුන්ගේ හිසේ මල් පිපීමක් යැයි මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් පවසති.

ආණ්ඩුවේ 'දිනමිණ' පුවත :

දුෂණ මර්දන ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමෙන් එහි ඇති වැදගත්කම අවබෝධ වෙයි.

එහෙත් හදිසියේ එය වසා දැමීමට කටයුතු යොදමින් සිටින බව හැඟවෙන්නේ රාජ්‍ය මාධ්‍යයක් වන 'දිනමිණ' පුවත්පතෙහිම දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එහි අරමුණු ඉටු වන ලෙස කටයුතු නොකර ඇති බවට ප්‍රවෘත්තියක් පළ වී තිබීමෙන්ය.
Previous Post Next Post