යාපනය, කෝපායි, තිරුනෙල්වේලි, කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍ය අතුරතුර පුද්ගලයෙකු විසින් යුද සමයේදී කොටි සංවිධානය භාවිතා කරන ලද ඊලාම් සිතියමට සමාන සිතියමක් ඇඳ පෙරේදා (23) සවස ප්‍රදර්ශනය කරමින් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව යාපනය පොලීසිය කියා සිටිනවා.
කාලි අම්මා කෝවිලේ වාර්ෂික දේව මංගල්‍ය සිදු කෙරෙන අවස්ථාවේදී කාලි අම්මා දේව රූපය වීදි සංචාරය කරන අතරතුර දී කාලි අම්මා දේව රූපයට පසු පසින් අදාල ඊලාම් සිතියම සහිත පුද්ගලයෙකු ගමන් කොට ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
පසුව යාපනය පොලිස් බුද්ධි අංශ විසින් අදාල පුද්ගලයා පොලීසිට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවටද යාපනය පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.
කෝවිලක පූජාවකදී ඊලාම් සිතියමක් ඔසවලා
2017-05-25T09:06:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|