කාංචන ඒකාබද්ධයෙන් ඉවත්වුණේ ඩලස් නිසයි

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා අද (05) සිට ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට හේතුවී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ක්‍රියාවක් නිසා බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කාංචනගේ ආසනය වන අපරැක්කේ අද කුඩා විවෘත කිරීමක් තිබි ඇති අතර එම විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව ඩලස් විසින් කැඳවා තිබේ.
කෙසේවවුද, එම උත්සවයට මහින්දව නොකැඳවන ලෙස කාංචන ඉල්ලීමක් කර ඇත.

කාංචන අදාළ ඉල්ලීම කර ඇත්තේ මහින්ද මහතා කුඩා විවෘත කිරීම් සඳහා ගෙන්වීම ඔහුට මදිකමක් බව පවසමිනි.

එම කතාව මායිම් නොකල ඩලස් මහින්දව අදාළ විවෘත කිරීමට කැඳවා එය සිදුකිරීමට විරෝධය දක්වා කාංචන ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව ඇත.

කාංචන, අද සිට ඒකබද්ධ විපක්ෂයේ කටයුතු වලින් මදක් ඉවත් වීමට තීරණය කර ඇති බවට ඔහුගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබිණි.

එම ෆෙස්බුක් සටහන පහත දැක්වේ.


Previous Post Next Post