බණ්ඩාරවෙල - හීල්ඔය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට පහරදුන් බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (20) රාත‍්‍රීයේ මෙම පහරදීම සිදුව ඇත්තේ.
විහාරාධිපති හිමියන් ධර්ම දේශනාවකට සහභාගි වී ආපසු විහාරස්ථානයට පැමිණෙමින් සිටිය දී අතරමඟ සිටි පිරිසක් උන්වහන්සේට සහ වාහනේ රියදුරුට මෙලෙස පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ විහාරාධිපති හිමියන් බණ්ඩාරවෙල දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බණ්ඩාරවෙල හිමි නමකට පහර දීමක්
2017-05-22T08:51:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|