ගීතාගේ වාහනයේ බදු මුදලුත් ඉල්ලයි

අභියාචනාධිකරණය විසින් ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස සලකා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි කිරීම නිසා  ඇය වෙත තීරු  බදු සහන යටතේ නිකුත් කර තිබූ වාහනය සඳහා අදාල බදු මුදල් වහාම අයකරගැනීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන්  සහ කථානායකවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කරමින් කැෆේ සංවිධානය මෙම ඉල්ලීම කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය වෙත රජයෙන්  තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කොට ඇති අතර ඒ සඳහා තීරු බදු සහන ලබා දී ඇති බවත් එමඟින් රජයට අය විය යුතු බදු මුදල් අහිමිවීමක් සිදුව ඇති බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි. 

කෙසේ හෝ හැකි ඉක්මනින්, ගීතා කුමාරසිංහ මහත්මිය ගේ රථයට අය විය යුතු රජයේ බදු මුදල් ද,එයට අය විය යුතු අධිභාරය ද අය කර ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කැෆේ සංවිධානය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.
Previous Post Next Post