ස්වභාවික ආපදා සමයක් අත ළඟ

ලබන 20 වන දින  හෝ ඊට ආසන්නතම දිනයක ශ්‍රී ලංකාව තුළට පිවිසෙන නිරිතදිත මෝසම් සුළං ප්‍රවාහය මුල්කොට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ බොහොමයකට වැසි සහිත තත්ත්වයක් උද්ගතවිය හැකි යැයි කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අබේසිංහ මහතා ලක්බිම ඔන්ලයින් වෙත කීය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම ප්‍රදේශ කෙරෙහි බලපවත්වන මෙම මෝසම් සමය ආරම්භයේදීම ගංවතුර, සුළි කුණාටු, නාය යෑම් වැනි ආපදා තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් විය යුතු යැයි ඒ මහතා කියයි.
පසුගිය නිරිතදිග ‍මෝසම් සුළං සමයේ ආරම්භයත් සමගම වාර්තා වූ අරණායක සාමසර කන්ද නායයාම අගනුවර ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනකට බලපෑ ගංවතුර වැනි ආපදා තත්ත්වයන් මෙවරද  ඇතිවිය හැකි බැවින් එමගින් ඇති විය හැකි ස්වභාවික ව්‍යසන පිටුදැකීමට හා අවම කිරීමට අදාල වගකිවයුතු අංශද සූදානමින් සිටිය යුතු බව අබේසිංහ මහතාගේ මතයයි. එමෙන්ම ගංවතුර අවදානමට ලක්ව ඇති පහත් බිම් වල සහ නාය යාමේ අවදානමක් සහිත කඳු ප්‍රදේශවල ජීවත්වන ජනතාව  ඒ සම්බන්ධයෙන් නිරතුරු විමසිලිමත්වීමත්, පූර්වාරක්ෂාකාරී පියවර ගැනීමත් ඉතා වැදගත් බව ද කාලගුණ විද්‍යාඥ අබේසිංහ මහතා පවසයි.

දමයන්ති ගමගේ
gossip lanka