ඉකුත් අප්‍රේල් මස 24වන දින ආරම්භ කොට අත්හිටුවනු ලැබූ ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩවර්ජනය නැවත දැනුම්දීමකින් තොරව ආරම්භ කිරීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවැති සාකච්ඡාවකදී ලබාදුන් පොරොන්දු අනුව වර්ජනය එදා අත්හිටවූ බවත්, එම සාකච්ඡාවේදි එකඟවූ කරුණු ලිඛිතව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ලබාදුන් බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එහෙත් එම ඉල්ලීම් වලට පටහැනිව රජය ක්‍රියාකිරීම නිසා මැයි 22න් පසු ඕනෑම අවස්ථාවක පෙර දැනුම් දීමකින් තොරව රට පුරා වර්ජන ක්‍රියාවලියකට යොමු වන බව ඔවුහු අවධාරණය කරති.
රටපුරා යළි තෙල් වර්ජනයක් ?
2017-05-17T14:39:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|