යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු සැමරුම් උත්සවයක් අද (18) දිනයේ මහනුවර නගරයේ පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා.
රණවිරු සැමරුමට සමගාමීව රථ පෙළපාළියක් ද සංවිධානය කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළේ.
අද මහනුවරදී රණවිරු සැමරුම් උත්සවයක්
2017-05-18T11:34:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|