බස්නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනකු ස්‌වාධීන කණ්‌ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රී කණ්‌ඩායම පෙරේදා (18) රැස්‌වී මේ පිළිබඳ අවසන් තීරණ ගෙන තිබේ. මන්ත්‍රී කණ්‌ඩායම පැවැත් වූ සාකච්ඡාවට මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනාගෙන් 38 දෙනෙකුම සහභාගී වී ඇත.
පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ තීරණ ගැනීමේදී තම කණ්‌ඩායම වෙනම තීරණ ගැනීමටද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියා කරන ඇමැතිවරුන් සම්බන්ධයෙන් විරුද්ධව ක්‍රියා කිරීමට ද එහිදී තීරණය කර ඇත.
මහින්ද පිල බස්නාහිර බලපෙරළිකට සැරසෙයි
2017-05-20T13:45:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|