අමෙරිකාවේ සිට හිරුණි තැබූ සුපිරි වාර්තාව

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න ඇමරිකාවේ "2017 Eugene" මැරතන් තරගයේ කාන්තා අංශයෙන් ජය වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

ඊයේ (07) පැවති එම තරගයේදී, හිරුණි දැක්වූ කාලය අනුව ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය සඳහාද සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්.

මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් සැපිරූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවද ඇය වනවා.

අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ද ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර, වෙනත් කිසිවෙකු ඊට සුදුසුකම් ලබා නැහැ.

හිරුණි විජේරත්න "2017 Eugene" මැරතන් තරගය නිම කිරීමට පැය 2:43:31 ක කාලයක් වැය කළා. ඇය අමෙරිකාවේ වෙසෙන අතර එහි සිට පුහුණුවීම් කටයුතු සිදු කරනවා.
Previous Post Next Post