තමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවීමට දැනට යෝජනා වී ඇති ආයතනය මඟින් අපේක්ෂා කෙරෙන්නේ වර්ජන හේතුවෙන් බිඳවැටෙන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාම බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
කැළණිය ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දැනටමත් ඇතැම් පුද්ගලයින් අදාළ යෝජනාවට බිය වී රට හැරගොස් ඇති බවයි.
එම උත්සවයට එක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව මර්දනය සඳහා වෛරී පුද්ගලයින් යොදා ගන්නා බවයි.
සමහරු බයවෙලා රට හැර ගිහින්
2017-05-05T11:53:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|