ඇෆ්ගනිස්ථානයේ අයි. එස්. නායකයා ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ අයි. එස්. නායකයා ලෙස කටයුතු කළ අබ්දුල් හෂීබ් ඝාතනය කර තිබෙනවා.

එරට ජනාධිපති කාර්යාලය ඒ බව නිල වශයෙන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්. අයි. එස්. නායකයා ඝාතනය කර ඇත්තේ මීට දින 10කට පෙර සිදු කරන ලද මෙහෙයුමක දී බවයි එහි දැක්වෙන්නේ.
මෙහෙයුමට නායකත්වය ලබාදී ඇත්තේ ඇෆ්ගනිස්ථාන විශේෂ කාර්ය බලකායයි.

ඝාතනයට ලක් වූ අබ්දුල් හෂීබ්, ඉකුත් මාර්තු මාසයේ දී කාබුල් රෝහලකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කළ මහමොළකරු ලෙසටයි සැලකෙන්නේ.

අමෙරිකාව හා ඇෆ්ගන් හමුදාව සිදු කළ මෙහෙයුමක දී ඔහු බොහෝ දුරට ඝාතනය වන්නට ඇතැයි පෙන්ටගනය ඉකුත් මාසයේ සැක පළ කර තිබුණා.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by