එක් මිනිසෙකු නිසා පොළොන්නරුව කරුවලේ

පොළොන්නරුව - හිඟුරක්ගොඩ - දියබුබුළ ප්‍රදේශයේදී අධිබලැති විදුලි කණුවක් මතට  පුද්ගලයෙකු නැඟ තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ(03) රාත්‍රියේ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුළිය විසන්ධි කළ බවයි වාර්තා වන්නේ.

පොළොන්නරුව, - හිඟුරක්ගොඩ, ජයන්තිපුර, වාලච්චේන සහ මනම්පිටිය යන ප්‍රදේශවලට ඒ අනුව විදුලිය විසන්ධි කිරීමටයි විදුලිබල මණ්ඩලය තීරණය කළේ.
පොලීසිය සඳහන් කළේ  ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම පුද්ගලයා මෙලෙස විදුලි රැහැන මතට නැග ඇති බවයි.
Previous Post Next Post