කාන්තාවක් ප්‍රසිද්ධියේ ජංගම දුරකථන භාවිත කර හසුවුව හොත් රුපියල් විසිඑක් දහසක දඩයක් පැනවීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගමක බලධාරීන් තීරණය කර තිබෙන බවට ඉන්දීය පුවත්පත් සේවය විසින් සදහන් කර තියෙනවා. කාන්තාවක් ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරද මත්පැන් භාවිතය / සුදුව සහ ගව ඝාතනය වැනි වරදවල් යටතේ ගැනෙන බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.
පසුගිය අගහරුවාදා මෙම නීතිය පනවා ඇති අතර ග්‍රාම සභාවක් මගින් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ග්‍රාමය තුල සිටින කාන්තාවන් බොහෝ පිරිසක් නුගත් වන අතර ඔවුන්ට ජංගම දුරකථනයක් භාවිත කිරීමට කිිසිදු අවශ්‍යතාවක් ද නොමැති බවයි. ඕනෑම දෙයක් තම සම්ප්‍රදායන්ට අනුකූලව සිදුවිය යුතු බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා. කාන්තාවන්ට ජංගම දුරකථන භාවිතයට තහනමක් පැනවීම තුලින් මෙම ගම්වැසියන්ගේ අපේක්ෂාව වී ඇත්තේ තරුණියන් පිරිමින් සමග පවතින සබඳතාවලට බාධා මතු කිරීම බවයි ඉන්දීය ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.
කාන්තාවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කෙරෙයි
2017-05-05T14:19:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|