උතුරේ උපාධිදාරීන් විග්නේශ්වරන්ව හරවා යවයි

අද පැවැත්වෙන උතුරු පළාත් සභාවේ සැසි වාරයට සහභාගිවූ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා හරවා යැවීමට විරෝධතාවයේ නිරත උපාධිධාරීන් විසින් කටයුතු කර තිබෙනවා.

තමන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලිම් කරමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසින් මෙලෙස උතුරු පළාත් සභා පරිශ්‍රයට ඇතුළුවන ගේට්ටුව මුළුමනින්ම අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක යෙදී සිටින්නේ.
මේ අනුව රැස්වීම් ශාලාව තුළ ජනතා නියෝජිතයින් කිහිපදෙනෙකු සිටින නමුත් තවත් පිරිසක් සහභාගිවීමට නියමිතව සිටියද, ඔවුන්ට ඒ සඳහා සහභාගිවීමට අවස්ථාව නොදෙමින් රැකියා විරහිත උපාධිධාරීන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි සඳහන් වන්නේ.
Previous Post Next Post