ගම්මන්පිළට සතියකට රට යන්න පුළුවන්

පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාට මේ මස 18 වනදා සිට 24 වනදා දක්වා ඇමරිකාවට යාමට අධිකරණය අද (02 දා) අවසර ලබා දී තිබේ.

අමෙරිකාවේ පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා සහභාගී වීමට අවසර ලබාදෙන ලෙස ගම්මන්පිල මහතා සිදු කර තිබූ ඉල්ලීමක්  සැලකිල්ලට ගනිමින් මන්ත්‍රීවරයාට වි‍දෙස් ගතවීම සඳහා මෙලෙස අවසර හිමිව තිබේ.
ඒ අනුව මේ වන විට අධිකරණය බාරයේ පවතින උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 2ක පෞද්ගලික ඇපකරයක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා නියෝග කර තිබේ.

විදෙස් ගත වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව විදෙස් ගමන් බලපත්‍රය යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත.
Previous Post Next Post