සෙංකෝලයේ නිර්මාතෘ දිවිසැරිය නිම කරයි

සෙංකෝලය නිර්මාණය කළ දිවයිනේ සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන් කැටයම් ශිල්පියෙකු වූ ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා ඊයේ (03දා)  අභාවප්‍රාප්ත වී ඇත.
රඹුක්කන දොඹේමඩ ගම්මානයේ පදිංචි ‍මොහු මිය යන විට අසු අට වන වියෙහි පසු විය.

මෙම විශිෂ්ට කලාකරුවා මීට දෙමසකට පෙර (දින 56කට) පාර්ලිමේන්තුව වෙත කැඳවා ඔහුගේ නිර්මාණය වසර 60කට පසු යලි ස්පර්ශ කර බැලීමේ අවස්ථාව සැලසු කථානායක කරු ජයසූරිය මහතා ඔහු ඇතුළු පවුලේ දූ දරුවන්ට දිවා භෝජනයෙන්ද සංග්‍රහ කර තුටු පඩුරු පිරිනැමීමට කටයුතු කළේය.

(විමසුම)
Previous Post Next Post