ප්‍රීති වෙසක් අද මෝදි වෙසක් වෙලා බොදුබලය කියයි

වෙසක් සැරසිලිවලිට මුවා වී ඉන්දියාවේ කොලනියක් බවට ශ්‍රී ලංකාව පත් වීමට ඉඩ නොදිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

ඊයේ  (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේ ය.

අද වන විට ආණ්ඩුව විසින් ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව රට තුළ ඇති කර තිබෙන ආගමික ප්‍රබෝධය දැක අමන්දානන්න්දයට පත් විය යුතු නොවන බවත් එය ඉදිරියේ දී ක්‍රියාත්මක අනතුරක පෙර නිමිති බවත් ඥානසාර හිමියන් වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් වෙසක් උත්සවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම පැති කිහිපයකින් බැලිය යුතු බවත් එය සංවිධානාත්මක ක්‍රියාවලියක් ද යන්න පිළිබඳ දේශප්‍රේමීන් තුළ දැඩි සැකයක් ඇති වී තිබෙන බවත් උන් වහන්සේ කියා සිටියේ ය.

එමෙන්ම රට තුළ ඇති වෙන ඕනෑම ප්‍රශ්නයකට ජනතාව ජනාධිපතිවරයාට චෝදනා කිරීමට පෙළඹුන ද සියල්ල සැලසුම් කර සිදු කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවට ද මෙහිදී බොදුබල සේනා සංවිධානයේ චෝදනාවට ලක් විය.
Previous Post Next Post