මහින්දගේ සොයුරියක් මියයයි

හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම සොයුරිය වන ගාන්ධිනී මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ඇය අද (08) පෙරවරුවේ ආසිරි ශල්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය.

මාතර දෙනියායේ පදිංචි ඇය වසර දෙකක පමණ කාලයක් රෝගාතුරව සිටි බවද පැවසේ.
ඇය විවාහව සිටියේ වතු ව්‍යාපාරිකයකු වන රණවක මහතා සමඟය.
Previous Post Next Post