මෙරට හෙද සේවාව මේ වන විට අර්බුද රැසකට මුහුණ දී ඇති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට හෙද සේවාවේ බරපතළ හෙද හිගයකට මෙන්ම ගුණාත්මක භාවය ද බිද වැටීවලට ලක්ව ඇති බවයි.
හෙද සේවාවේ වෘත්තීය අයිතිවාසිකම් හරහා එම සේවාවේ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
ජාතික හෙද දිනය නිමිත්තෙන් අද මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීම සඳහා ජාතික රෝහලේ විශේෂ වැඩසහන් කිහිපයක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
හෙද සේවාව අර්බුද රැසකට මුහුණ දීලා
2017-05-12T16:15:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|