ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් තමාගේ කිසිඳු විරෝධයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රුවන්වැල්ල විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එමෙන්ම මෝදි මහතා සහභාගී වන උත්සව සඳහා සම්බන්ධවීමේ ගැටළුවක් නොමැති බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.
මේ අතර වෙසක් දිනයේ විරෝධතාව ප්‍රදර්ශනය කරන ලෙස ඇතැම් දේශපාලඥයන් කළ ඉල්ලීමට බුද්ධිමත් ජනතාව ප්‍රතිචාර දක්වා නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මෝදි එනවාට මගේ කිසිම විරෝධතාවක් නෑ
2017-05-11T13:12:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|