වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව ආසන්නයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (14) පොලිසිය විසින් වටලා තිබෙනවා.
එහිදී කාන්තාවන් තිදෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත්බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට අමතරව බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය තවත් ගණිකා නිවසක් වැටලීමට පොලිසියට හැකිවී තිබෙනවා.
එහිදී කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහි සිටි අවුරුදු 22, 24, 25, 26, 30 සහ 36 යන වයස්වල පසුවන කාන්තාවන් 6 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
පොලීසිය පැවසුවේ ඔවුන් කෝට්ටේ, හංවැල්ල, ලුණුගම්වෙහෙර, මට්ටක්කුලිය, මීරිගම, දෙහිගහහේන සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 ක ශරීර ඇප දෙකක් සහ රුපියල් 5000 හේ මුදල් ඇප මත මුදාහැර තිබෙනවා.
වේරහැර දී ගණිකා නිවසක් වටලයි
2017-05-15T15:36:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|