දකුණු කොරියා ජනපතිවරණය ඇරඹෙයි

ජනාධිපතිනී පාක් ගුවෙන් හයි දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් පසු පැවැත්වෙන දකුණු කොරියානු  ජනාධිපතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

උතුරු කොරියාව සමඟ උණුසුම් වාතාවරණයක් පැණ නැගී ඇති මොහොතක පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය පිළිබදව විශේෂ අවධානයක් යොමු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
උතුරු කොරියාව සමඟ නම්‍යශීලී අන්දමින් කටයුතු කළ යුතු බව විශ්වාස කරන වාමාංශික අදහස් සහිත මූන් ජේ - ඉන් මෙවර ජනපතිවරණයේදී ඉදිරියෙන් සිටින අතර, ඔහුට ප්‍රධාන අභියෝගය එල්ල වන්නේ මධ්‍යස්ථ මතධාරී අන් චියොල් සූ ගෙන්.
Previous Post Next Post