මැර පිරිසකගේ පහර දීමකට ලක් වූ පොළොන්නරුවේ සාමනේර හිමි නමක් ඊයේ (14) ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පොළොන්නරුව, ඕනෑගම, මැද මලුව මහා විහාරයේ වැඩවිසු වයස අවුරුදු 14 හැවිරිදි සේවාගම විනය රතන නමැති කුඩා හිමිනමක්.
විහාරස්ථානයට පැමිණි මෙම පිරිස පොලුවලින් තමන් වහන්සේට පහර දුන් බව විනය රතන හිමියන් පවසන්නේ.
විහාරස්ථානයේ වැඩ වසන නිකපිටියේ චන්දිම නමැති හිමි නම සොයා මෙම පිරිස කැබ් රථයකින් ඊයේ රාත්‍රී 7.45 ට පමණ මෙසේ ඇවිත් පහර දී පලා ගොස් තිබෙනවා.
මේ අනුව විහාරස්ථානයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර පොළොන්නරුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.
පොලොන්නරුවේ සාමණේර හිමි නමකට මැර ප්‍රහාරයක්
2017-05-15T15:42:00+05:30
Hot News
Enghish News|hot news|Sinhala News|