පොලීසියේ පොඩ්ඩන්ට ඒකාබද්ධයෙන් ස්තූතිය

මෙවර පැවති ඓතිහාසික මැයි දිනයට දායකත්වය දුන් සියලු දෙනාට ඒකාබද්ධ විපක්ෂයේ ස්තූතිය පිරි නමන බවත් කිසිදු පැකිලීමකින් තොරව තම සහයෝගය පිරිනැමු පොලීස් සේවාවට තම විශේෂ ස්තූතියක් පිරිනමන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද (02) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
පොලීසිය විසින් බලාපොරොත්තු නොවූ ජනතාවක් පැමිණි බැවින් විකල්ප මාර්ග ගණනාකවක් විවෘත කරමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට පොලීසියට සිදුවු බව ද එහිදී පොලීසියේ පහළ නිළතල හොබවන අය ක්‍රියාකාරීව කටයුතු කළ බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේ ය.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ මැයි දිනය අභියෝගාත්මක ලෙස සංවිධානය කිරීම මහින්ද රාජපක්ෂ මහතා බාර ගන්නා අවස්ථාවේ ඔවුන්ට ද සැකයක් පැවතුණු බවත් මෙවැනි අසීරු ඉලක්කයක් බාර ගෙන අභියෝගය ජය ගැනීම පිළිබඳ පක්ෂයේ විශේෂ ස්තූතියක් රාජපක්ෂ මහතාට පිරිනැමෙන බවත්ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ සෙසු පක්ෂ තුනම එක් වුවත් ඒකාබද්ධය හා එක් වුණු ජන ගංගාවට ළං වීමට හෝ නොහැකි බවත් එනිසා රජය ඉතා කඩිනමින් මැතිවරණයක් වෙත ගොස් ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරමින් මැතිවරණ පැවැත් වීමට කටයුතු කළ යුතු බවත්ය
Previous Post Next Post