වර්තමානයේ සිංහල ජනතාවට බලපාන ගැටලු සම්බන්ධයෙන් දේශපාලනික විසඳුම් ලබා ගැනීමේ බලවත් අවශ්‍යතාවයක් හටගෙන ඇති බව සිංහලේ ජාතික සංවිධානය ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් ඊට විකල්පයක් වශයෙන් සිංහලේ ජාතික සංවිධානය දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය කර තිබේ.
මේ වන විට රට තුළ සියලු ජාතීන් වෙනුවෙන් පක්ෂ නියෝජනයක් පවතින බවත්, මුස්ලිම් කොංග්‍රසය මුස්ලිම් ජනතාව වෙනුවෙන්ද, දෙමළ ජාතික සංධානය දෙමළ ජනතාවගේ ගැටලු නියෝජනයටද දේශපාලනික වශයෙන් පෙනී සිටින නමුත් සිංහල ජනතාවගේ ඉඩම් අයිතීන් හා සමාජ ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පක්ෂයක් පෙනී නොසිටින බව සාලිය වී රණවක මහතා ප්‍රකාශ කරයි.
ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සිංහල ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් නියෝජනයක් අවශ්‍ය වී ඇති බවත් ඔවුන් අවධාරණය කරයි.
මේ වන විට මෙම පක්ෂයේ ලියාපදිංචි කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් පක්ෂ ලකුණ වශයෙන් පළිහ යොදාගෙන ඇති බවටත් එම සංවිධානය පවසයි.
සිංහලයන් වෙනුවෙන් පක්ෂයක්
2017-05-17T16:11:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|