පසුගිය දස වසරක කාලය තුළ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ලබා දී ඇති සංඛ්‍යාත පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස එම කොමිසමේ තොරතුරු නිලධාරියා වෙත ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කර ඇත.
ඒ යටතේ ඔහු ඉල්ලා ඇති තොරතුරු වන්නේ. 2007 සිට 2017 දක්වා රූපවාහිනි සහ ගුවන්විදුලි සේවා සඳහා සංඛ්‍යාත ලබා දුන් පුද්ගලයින් හෝ සමාගම් මොනවාද? එක් එක් සමාගම් වෙත ඉහත කාල වකවානුව තුළ ලබාදුන් සංඛ්‍යාත පරාසයන් හා සම්ප්‍රේෂණ බලය කවරේද,
එම සමාගම් හෝ පුද්ගලයන් තෝරා ගත් පදනම කවරේද, යම් පුද්ගලයෙකුට හෝ සමාගමකට ලබාදුන් සංඛ්‍යාත නැවත ආපසු පවරා ගැනීමක් සිදු කර තිබේද, එසේ පවරා ගැනීමක් සිදු කර තිබේ නම් එම පුද්ගලයින් හෝ සමාගම් මොනවාද හා එසේ පවරා ගැනීමට හේතු වු කරුණු මොනවාද යන්නය.
රාවය
සංඛ්‍යාත තොරතුරු අනුර ඉල්ලයි
2017-10-14T16:00:00+05:30
Gossip Lanka Hot News