නුවරඑළිය දිස්ත්‍රික්කයට අළුතින් අයිතිවාසිකම් කියන අයගේ වැඩ ජනතාවට හෙළි කිරිම සඳහා දින තුනක කාලයක් තමන්ට ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉල්ලාසිටී.
හැටන් ඩයගමදී පැවත් උත්සවයක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව
පැවසීය.කම්කරු කොංග්‍රසයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් ඇතැමුන් පුරසාරම් දොඩන බව පවසන ඔහු තම පක්ෂයේ නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් විසින් 1998 වසරේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන තවත් පුළුල් කළ යුතුයි යන යෝජනාව රජයට ඉදිරිපත් කළ බවද පැවසීය.
නමුත් එම අවස්ථාවේ දී හිටපු අමාත්‍යවරිය වන රේණුකා හේරත් මහත්මිය ඊට විරෝධය පල කළ බව ඔහු පෙන්වා දුන්නේය.
දේශපාලනයේ අංකුරයක් වූ පිරිස් අද නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමිකම් පෑවද ලංකා කම්කරු කොංග්‍රසය නම් වෘක්ෂය කිසි දිනක බිමට ඇද දැමිය නොහැකි බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
තව දින තුනකින් තොණ්ඩමන්ගෙන් හෙළිදරව්වක්
2017-10-23T12:48:00+05:30
Gossip Lanka Hot News
slide|