නොකැදවන නිසා අහන්න බැරිවෙන අගමැති හිරවෙන බැදුම්කර කොමිසමේ ප‍්‍රශ්න මෙන්න..

මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ශණය කරන ජනාධිපති කොමිෂන් සභාව විසින් කලින් පිළියෙල කරන ලද ප්‍රශ්නාවලියකට අගමැති රනිල් වික‍්‍රමසිංහගෙන් පිළිතුරු ඉල්ලා තිබීමෙන් කොමිසම ඉදිරියේදී අගමැතිවරයාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට තිබූ අවස්ථාව අහිමිව ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

කොමිසම විසින් යවා ඇති ප‍්‍රශ්න පත්තරය සදහා උත්තර දීමට අගමැතිවරයාට අවශ්‍ය තරම් කාලයක් ලැබෙනු ඇතැයිද පවසන මහාචාර්යවරයා එම පිලිතුරු අසත්‍යයද අසත්‍යදැයි දැන ගැනීමට මහජනතාවට තිබූ අයිතිය කඩ වී ඇතැයිද සදහන් කරයි.

කොළඹදී පැවති මාද්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ගේ සම්පූර්ණ වගකීම භාරගැනීමට සූදානම් වූයේ මන්ද යන්නත්, ව්‍යවස්ථාවට අනුව විදේශිකයෙකුට දිවුරුම් දිය නොහැකි තත්වයකදී මහ බැංකුවේ අධිපති ධුරය අර්ජුන් මහේන්ද්‍රන්ට ලබා දුන්නේ ඇයිද යන්නත්, මහේන්ද‍්‍රන් සිදු කරන කටයුතු ගැන පෞද්ගලිකව වගකීම බාරගන්නේ යයි පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශ කළේ ඇයිද යන්නත්, බැදුම්කර මගඩිය ගැන සෙවීමට සිරිකොතට සම්බන්ධ නීතීඥයින් තිදෙනෙකු පත් කළේ ඇයිද යන්නත් සම්බන්ධයෙන් අගමැතිවරයා පිළිතුරු ලබා දිය යුතු යයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.



Previous Post Next Post