රාජ්‍ය සේවක පත්වීම් ලිපිවල නීතියක් නොවන වගන්තියක් !

අයවැය යෝජනාවක් ලෙස 2016 හා 2017 වසරවලදී දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බවට යෝජනා ඉදිරිපත්වුවද, එය මෙතෙක් නීතියක් බවට පත්ව නොතිබියදී රාජ්‍ය සේවකයන්ගේ පත්වීම් ලිපියට ඊට අදාළ වගන්ති ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය විසින් ලිපියක් යොමුකරමින් මේ බව ජනාධිපතිවරයාට දන්වා තිබේ.

මෙතෙක් පැවැති පූර්ණ විශ්‍රාම ක්‍රමය අහෝසිකර දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමෙන් රාජ්‍ය
සේවකයාගේ විශ්‍රාමික ජීවිතයේ සුරක්ෂිතභාවය අවදානමේ හෙළන බවද අදාළ ලිපියේ දැක්වේ.

වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් හා ඒ නිසාම රැකබලා ගත යුතු පිරිස වැඩිවෙමින් තිබෙන තත්වයක් තුළ රජයේ වගකීම විය යුත්තේ දැනටත් ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ ක්‍රමවේද දුර්වල කිරීම නොව ඒවා තවත් ශක්තිමත් කිරීම හා රැකබලා ගැනීම යැයි ද එහි වැඩිදුරටත් දැක්වේ.



Previous Post Next Post