ලංකාවේ පළමු ගුවන් යානයක් ලබන වසරේදී ගුවනට...?

ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුල ගුවන් යානා නඩත්තු කිරීමේ කටයුතු සිදු කලත් මෙතෙක් කල් ගුවන් යානා නිෂ්පාදනය සිදු කර නැහැ.

නමත් ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව තුළ ගුවන් යානා නිෂ්පාදනය කිරීම ලබන වර්ෂයේදී ආරම්භ කරන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඉන්ජිනේරු තාක්ෂණික දැනුම යොදා ගනිමින්
මෙලෙස ගුවන් යානා නිෂ්පාදනය කිරීම ඉදිරියේදී ආරම්භ කරන බව ඊයේ (23) එතුමන් විසින් ප්‍රකාශ කලා.

ඒ ගුවන් හමුදා රණවිරුවන් ස්මරණය කිරීම නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය අමතමින්.

මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා මෙරටට සුදුසු තාක්ෂණයෙන් යුතු නවීන ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමට කටයුතු කරන බවද කියා සිටියා. එසේම මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇතැම් ගුවන් යානා භාවිත කළ නොහැකි තත්ත්වයේ පවතින බවද ඔහු ප්‍රකාශ කලා.

මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇතැම් ගුවන් යානා භාවිත කළ නොහැකි තත්ත්වයේ පවතින බැවින් මෙරටට සුදුසු තාක්ෂණයෙන් යුතු නවීන ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමට කටයුතු කරන බවද පැවසුවා.

මේ වන විට සිදු කරන ගුවන් යානා උපාංග අළුත්වැඩියාට, නව ගුවන්යානා උපාංග සවි කිරීම වැනි කාර්‍යයන් ඉක්මවා ගොස් මුලින්ම සැහැල්ලු ගුවන් යානා නිෂ්පාදනය ආරම්භ කල යුතු බවද ඔහු වැඩි දුරටත් සඳහන් කලා


gossip lanka