ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු අයි.එස් සංවිධානයට එක්වෙයි - අයි.එස් වීඩියෝ පටයකින් සියල්ල හෙළිවෙයි

සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් වෛද්‍යවරුන් යොදාගෙන ඇති බව අයි.එස්. ප්‍රචාරක වීඩියෝපටයක් මගින් හෙළිදරව් කර තිබේ.

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ වෛද්‍යවරයෙකු ද මෙම වීඩියෝපටයේ පෙනී සිටින බව ඉන්දියා ටුඩේ පුවත්පත සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මෙන්ම  ඕස්ට්‍රේලියාව, ටියුනීසියාව ඇතුළු රටවල් කිහිපයක වෛද්‍යවරුන් තමන්ට සෞඛ්‍ය සේවා
සපයන බවත්, කාන්තාවන් සහ ළමයින් සඳහා වෛද්‍යවරියන් ද සිටින බවත් එම අයි.එස්. ප්‍රචාරක වීඩියෝ පටයේ දැක්වෙයි.

ඒ පිළිබ‍ඳව අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සඳහන් කර ඇත්තේ මෙය ඉන්දියාවෙන් අයි.එස්. අනුගාමිකයන් බදවා ගැනීම සඳහා දරන උත්සාහයක් බවයි.

පසුගිය කාලය තුළ ඉන්දීය කේරළ ප්‍රාන්තයෙන් පුද්ගලයන් 21 දෙනෙකු ඇෆ්ගනිස්ථානය, ඉරානය හරහා සිරියාවේ අයි.එස්. කණ්ඩායම් සමඟ එක්වී ඇති බව ඉන්දියා ටුඬේ පුවත්පත අනාවරණ කර තිබේ.

එම වීඩියෝ පටය පහතින්,

gossip lanka