මෛත්‍රි - මහින්ද එක්වීම අඩමාන වන ලකුණු !

පළාත් පළාත් පාලන මැතිවරණයට පෙර මෛත්‍රි - මහින්ද එකතු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමට පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් විසින් ගෙන යන වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක නොවන තත්ත්වයක් උද්ගතව තිබේ.

මේ කණ්ඩායම් දෙකේම මන්ත්‍රිවරුන්ගේ ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීමට සියලු දෙනාටම ලිඛිතව ආරාධනා කරන බවට එක්සත්
ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කර තිබූ ප්‍රකාශයත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප කණ්ඩායමේ ප්‍රධානීන් ඉකුත් අඟහරුවාදා රැස්වී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබෙන අතර ඔවුන්ගේ ඒකමතික තීරණය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් සන්ධානයේ මහ ලේකම්වරයා කරන යෝජනාව ගැන සලකා බැලිය හැකි බවයි.

ශ්‍රී ලනිපය තවදුරටත් ආණ්ඩුව සමඟ කරන දේශපාලනයෙන් බැහැර නොවන්නේ නම් ලිඛිත ආරාධනා කළත් එවැනි සාකච්ඡාවකට සහභාගි නොවිය යුතු බවට එම රැස්වීමේදී තීරණය කොට තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ගේ බහුතරය ප්‍රකාශ කර තිබෙන්නේ මෙවැනි හමුවක් පවත්වන්නට යන්නේ දේශපාලන රැවටිල්ලකට බවයි.

සන්ධානයෙන් කරන්නට යන මේ හමුව ගැන හිටපු ජනාධිපති සමඟින් සිටින ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගෙන් විමසූ විට කීවේ 'අපට තවම එහෙම ලිපියක් ලැබිලා නෑ'යි දියාරු ප්‍රකාශයක් බවයි.

- මව්බිම





Previous Post Next Post