සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නිලවරණය අද (11) පැවැත්වීමට නියමිතව තිබේ.
බුද්ධ ශාසන අමාත්‍යංශ රැස්වීම් ශ්‍රවණාගාරයේ දී එය පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවිලගෙදර මහතා සඳහන් කළේය.
මේ සඳහා දිස්ත්‍රික් බල මණ්ඩලවල සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහභාගී වීමට නියමිතය.
එමෙන්ම අද දිනයේ නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීමෙන් අනතුරුව
පළමු සභාවාරය පැවැත්වීමට නියමිත බව සඳහන්ය.
එහිදී ඉදිරි වර්ෂයේ දී සිදුකිරීමට නියමිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත.
ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නිලවරණය අදයි
2017-10-11T12:11:00+05:30
Gossip Lanka Hot News