විමල්ගේ බොම්බයෙන් පියසිරිට තනතුර අහිමිවෙයි !

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ධූරයෙන් පියසිරි විජේනායක මහතා ඉවත්කර ඇතැයි වාර්තා වේ.

එම පක්ෂයේ මධ්‍යමකාරක සභාව ඊයේ (26) රැස්වීමෙන් පසුව අදාළ තීරණය ගෙන ඇති බව පැවසේ.

විජේනායක මහතා අදාළ ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධ යෝජනාව
දේශපාලන මණ්ඩලයට ගෙනවිත් ඇත්තේ එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා විසිනි.

යොජිත නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කලහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යයි එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජාතියෙන් සමාව යැදිය යුතු යයි එම ගම්පහදී හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් පියසිරි විජේනායක මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු අදාළ ධූරයෙන් ඉවත් කර තිබේ.

මෙම තීරණය අද(27) මාධ්‍යවෙත මුදාහැරීමට නියමිත බව පැවසේ.




gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by