රජයේ නිලධාරීන්ට තග දමා ප‍්‍රබල දේශපාලකයා හන්තානේ රජයේ ඉඩම් අක්කර 100ක් කොල්ල කයි..

මහනුවර හන්තාන ප‍්‍රදේශයේ රුපියල් කෝටි 200කට වැඩි වටිනාකමකින් සහිත අක්කර 100කට වැඩි රජයේ ඉඩමක් ප‍්‍රදේශයේ ආණ්ඩු පක්‍ෂ ප්‍රබල දේශපාලනඥයකු හා ප්‍රාදේශීය දේශපාලනඥයකු අත්පත් කර ගැනීමට සදහා කටයුතු කරමින් ඇතැයි චෝදනා එල්ල වෙයි.

කෝටිපති ව්‍යාපාරිකයන් හරහා මෙම ඉඩම අත්පත් කර ගැනීමට සැලසුම්
කර ඇති බවත් ඉඩම් සඳහා මේ වන විට ව්‍යාජ ලේඛනද සකසමින් සිටින බවත් ප‍්‍රදේශවාසීන් චෝදනා කරති.

මෙම ඉඩම් කොටස අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා සහ වෙනත් රාජ්‍ය නිලධාරීන්ට බලවත් දේශපාලනඥයා විසින් තර්ජනය කර ඇති බවද සදහන්ය.

මෙම වටිනා ඉඩම් ආරක්ෂා කරදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටිති.


Previous Post Next Post